• Breaking News

    පාසල් බැඩ්මින්ටන් නිලවරණයට ජාත්‍යන්තර පාසල් නොකැඳවයි


    ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මහා සභා රැස්වීම හා නිලවරණය නීත්‍යානුකූල නොවන අන්දමින් මේ අඟහරුවාදා ( 12 ) බත්තරමුල්ල ඉසුරුපායේදී පවත්වන්නට නියමිත බව lankasportnews වෙත වාර්තා වෙනවා. 


    මෙම රැස්වීම ජාත්‍යන්තර පාසල් නියෝජිතයන්ට දන්වා නොමැති අතර හිටපු නිලධාරීන්ම නැවත පත් වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පාසල් නියෝජිතයෙක් lankasportnews වෙත පවසා සිටියා.


    දීප ව්‍යාප්ත තරගාවලි පැවැත්වෙන විට පමණක් පාසල් බැඩ්මින්ටන් බලධාරීන් ජාත්‍යන්තර පාසල් ළමුන්ට තරග වැදීම සඳහා ආරාධනා කරන අතර නිලවරණයට ඔවුන් නොකැඳවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා අංශයේ නිලධාරින්ද නිහඬව සිට්න බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



    No comments