• Breaking News

    රොෂාන්ගේ ගැසට් පත්‍රය හරින් රිවස් කරයි.?


    අලුත් ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුගේ මුල්ම පියවර වන්නේ හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත් කර නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කිරීම බව lankasportnews වෙත වාර්තා වෙනවා. 


    හරීන් ප්‍රනාන්දු යනු ෂම්මි සිල්වාගේ ගජ මිතුරු සමාගමේ අයකු බව රහසක් නොවේ. 


    ඔහු පසුගිය කාලයේ ෂම්මි සිල්වා සභාපති ධූරය දරන ජිම්කානා ක්‍රීඩා සමාජයේ රාත්‍රි කාලය ගත කරන්නකු ලෙස ප්‍රකටය.


    ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරා වන සාගල රත්නායකද ෂම්මිලාගෙන් අත යට මූල්‍යාධාර රැගෙන තිබෙන පසුබිමක ෂම්මිලා රැක ගැනීමට නම් එම ගැසට් පත්‍රය මුලින්ම රිවස් කළ යුතු බවට ඔහුට උපදෙස් ලැබී තිබෙනවා. 


    එමගින් නැවත වරක් ෂම්මිලාට දිගටම මුදල් ගසා කෑම හා ක්‍රිකට් ක්‍රීඩාව කෑම කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් වෙනවා. 


    හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට එරෙහිව ෂම්මිලා වෙනුවෙන් නීති උපදෙස් දුන් නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද හරින්ගේ නීති උපදේශකයාද වීම නිසා ඔහු දැනටමත් නව ගැසට් පත්‍රය සකසමින් සිටින බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.

    No comments