• Breaking News

    සනත් පිටුපස ගජමිතුරන් පෝලිමේ !


    ලංකාවේ ක්‍රිකට් පුහුණු අංශය සහමුලින්ම අලුත් වන ලකුණු පෙනෙන්නට ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා. මුල්ම පියවර වන්නේ අලුත් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දුගේ චාරිකා සගයකු වන සනත් ජයසූරිය ලක්ෂ 50 ක මාසික වැටුපට උපදේශකයකු ලෙස හයි පර්ෆෝමන්ස් අංශයට අනුයුක්ත කිරීමයි.


    ඉන්පසු සනත් විසින් දැනට එහි උපදේශක ලෙස කටයුතු කරන මහේලගේ බොටුව සිඳලන බවත් ඔහුගේ ගජ මිතුරන් වන තිලකරත්න ඩිල්ෂාන්, අනූෂ සමරනායක, වැන්නන් හයිපර්ෆෝමන්ස් වෙත කැන්දා ඒමට නියමිත බවත් වාර්තා වෙනවා. 


    පුහුණුව පිළිබඳ දැනුමක් නොමැති ඩිල්ෂාන් පවුල පිටින්ම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියත් සනත්ගේ ඇරයුමෙන් මේ දිනවල ලංකාවට පැමිණ සෙල්ෆ් ප්‍රමෝෂන් කරමින් සිටී. 


    ඒ අනුව තමන්ට ගැති මාධ්‍යවේදීන් දෙදෙනකු ලවා රූපවාහිනී සම්මුඛ සාකච්චාවක් පවත්වමින් වැටුණු ක්‍රිකට් ගොඩ නංවන්නට තම සහාය ලබා දීමට තමන් සූදානම් බවත් පවසයි.


    මෙය බොහෝ දෙනාගේ සිනහවට කරුණක් වී ඇති අතර විනය අතින් හොඳ නමක් ඇති ඒ නිසාම මේ වන විට සිම්බාබ්වේ වෙත අඩිය ගැසීමද තහනම් වී ඇති මොහු එළඹෙන සිම්බාබ්වේ පිලේ ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු අංශයට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙනවා. 


    පසුගිය මහා මැතිවරණයේ පොහොට්ටුව වෙනුවෙන් කඩේ ගිය ඩිල්ෂාන් එහි ජාතික ලැයිස්තුවටද නම් කර සිටියා.


    එහෙත් බොහෝ දෙනෙක් මොහු ක්‍රිකට් කණ්ඩායම පැත්ත පළාතක වද්දා ගත නොයුතු බවට ක්‍රිකට් පරිපාලකයන්ට හා ක්‍රීඩා ඇමතිවරයාට බලපෑම් සිදු කර ඇති බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.


    මේ වන විට තරග පාවා දීම් පිළිබඳ අයිසීසි විමර්ෂණයේ පසුවන කිහිප දෙනෙකුම සනත් හරහා විවිධ පුහුණු තනතුරු වලට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වෙනවා.


    No comments