• Breaking News

    ෂම්මිලාගේ කරුණාවෙන් රසාංජලීට ඩබල් බෝනස් එකක්


    කාන්තා ක්‍රිකට් වලට පහුගියදා නව තේරීම් කමිටුවක් නම් කරනු ලැබුවා. මේ තේරීම් කමිටුව නම් කළේ ක්‍රිකට් විධායක සභාවයි. මෙහි සභාපති ලෙස හේමන්ත දේවප්‍රිය නැවත නම් කළ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන රසාංජලී ද සිල්වාවත් නම් කරනු ලැබුවා.


    මේ පත්වීම අපූරු පත් කිරීමක් බව lankasportnews වෙත වාර්තා වෙනවා. පසුගිය වසරේ සිට තවමත් ඇය ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කන්සල්ටන්ට් වරියක ලෙස මාසිකව ලක්ෂ පහමාරක සුපිරි වැටුපක් ලබමින් ( කරන වැඩක් නම් නැත ) සිටියදී ඇයට තේරීම් කමිටුවේ රස්සාවක්ද පිරිනැමීමට තරම් ෂම්මි ඇතුළු නඩය ඇය වෙත දයාව කරුණාව දක්වා තිබෙනවා.


    කොන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරෙස්ට් යන්න සත පහකට මායිම් නොකරන ක්‍රිකට් බලධාරීන් කරන මෙවැනි ඕනෙම පත්වීමක් දෙස ඇස් පියාගෙන අනුමැතිය දීමට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුත් සැදී පැහැදී ඉන්නවා. 


    ක්‍රිකට් ආයතනයේ මුදල් වෙනත් ක්‍රීඩා වලට යොදවන්න ඉල්ලූ රොෂාන් රණසිංහට අයිසීසි යෙන්ද ක්‍රිකට් මුදල් වෙනත් දෙයකට යෙදවිය නොහැකි බවට නීතියක් දැමූ නමුත් දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති ඔප්පු ප්‍රදානයකට ක්‍රිකට් ආයතනයෙන් කෝටි ගාණක් අතයටින් හරින් ලබා ගැනීම ගැන අයිසීසිය කියන්නේ මොනවාදැයි බලා ඉන්න වටිනවා.


    ක්‍රිකට් වලට හෙන ගැහුවත් තමන්ගෙ ගජ මිතුරු සමාජයේ අයට සුදුසුකම් හෝ තරා තිරම් නොබලා ලක්ෂ ගණනින් වැටුප් ගෙවන තනතුරු පිරිනැමීම ෂම්මි ඇතුළු පුද්ගලික සමාගමේ සිරිත බවට දැන් පත්ව තිබෙනවා.


    මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නා හරින් ප්‍රනාන්දුත් එක කෝල් එකෙන් තමන්ග ගජ මිතුරන්ද එක එකා ක්‍රිකට් ආයතනයට රිංගවන්න පටන් අරන් තිබෙනවා. ඉදිරියේදී මෙවැනි අනීතික පත්වීම් ගැන lankasportnews හෙළිදරව් කරන්න සූදානම්.

    No comments