• Breaking News

    ප්‍රමෝද්‍යගෙ කට වහන්න ෂම්මිගෙන් අලුත් අවුරුදු බෝනස් එකක්


    තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ සමයේ ෂම්මිලාට අවශ්‍ය පරිදි තේරීම් සිදු කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහටද කෘතගුණ සැළකීමක් ලෙස ලක්ෂ 15 ක මාසික වැටුපක් සහිත කන්සල්ටන්ට් තනතුරක් හයි පර්ෆෝමන්ස්හි ලබා දීමට ෂම්මි කටයුතු කර තිබෙනවා.


    ප්‍රමෝද්‍ය විසින් ලෝක කුසලාන පරාජයෙන් පසු ලංකාවට පැමිණීමේදී ලැබූ පරාජයන්ට කුමන්ත්‍රණයක් බලපෑ බව කියූ අතර ඒ පිළිබඳව ක්‍රීඩා විමර්ෂණ ඒකකයෙන් ඔහුගෙන් කට උත්තර ගනු ලැබුවත් එය එතැනින් නතර කරනු ලැබුවා. 


    කෙසේ වෙතත් සනත් ජයසූරියගෙන් යම් බලපෑම් සිදු වූ බවක් ඔහු විමර්ෂණයේදී පවසා තිබීම නිසා එය යට ගැසීමේ අරමුණද ප්‍රමෝද්‍යට ලබා දුන් කන්සල්ටන්ට් තනතුරට තවත් හේතුවක් බව lankasportnews වෙත වාර්තා වෙනවා. 


    මේ ගැන ක්‍රීඩකයන් පවසන්නේ ඛෙත්තාරම ක්‍රීඩාංගණයේ හයි පර්ෆෝමන්ස් මධ්‍යස්ථානයේ ඔවුන් එහා මෙහා යන ගමන් පඳුරකට පයින් ගසන විට කෝච්ලා හා කන්සල්ටන්ට්ලා දුසිම් ගණනින් විසි වී යන බවයි.


    ප්‍රමෝද්‍යට ආදායම් මාර්ගයක් සකසා දෙන මෙන් ප්‍රමෝද්‍යව තේරීම් කමිටුවට පත් කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ෂම්මිට බලපෑම් කර තිබෙන බවක්ද වාර්තා වෙනවා.


    දසුන් ශානකද ෆේල් වෙවී කණ්ඩායමේ හා නායකත්වයේ රැඳී සිටියේද නාමල්, ෂම්මි, ප්‍රමෝද්‍ය සුසංයෝගය නිසා බවද නොරහසක්.


    සබැඳි ලිපිය

    ෂම්මිලාගේ කරුණාවෙන් රසාංජලීට ඩබල් බෝනස් එකක්


    No comments