• Breaking News

    ප්‍රමෝද්‍ය ක්‍රීඩකයිගෙන් අල්ලස් අරන් - Exclusive Exposed


    හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට ක්‍රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ පිනා ජොබ් එකක් ෂම්මි විසින් ලබා දුන් බව මීට කලින් වාර්තා කළා. 


    ලෝක කුසලාන තරගාවලිය අජූත ලෙස පැරදී ආපසු එන විට ගුවන් තොටුපළේදී එම පරාජයට හේතුව කුමන්ත්‍රණයක් බව ඔහු කියූ අතර ඒ ගැන ක්‍රීඩා විමර්ෂණ ඒකකයෙන් කට උත්තරයක් ගත් නමුත් එය හමස් පෙට්ටියට ගොස් තිබෙනවා. 

    ප්‍රමෝද්‍යගෙ කට වහන්න ෂම්මිගෙන් අලුත් අවුරුදු බෝනස් එකක්

    මේ අතර lankasportnews වෙත කතා කළ ක්‍රීඩකයන් කිහිප දෙනකු ලොමු ඩැහැ ගැන්වෙන කතාවක් දැනුම් දුන්නා. 


    ඒ තමන්ව ජාතික කණ්ඩායමකට ඇතුළත් කරන්නට අල්ලස් ඉල්ලූ බවයි. එසේ ඉල්ලා නොදුන් ක්‍රීඩකයන් කෙළින්ම කපා දැමූ බවත් මුදල් දුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කණ්ඩායමට ඇතුළත් කර ඇතැම් සංචාර වලට එක් කළ බවත් ඔවුන් පැවසුවා. 


    මේ එක් ක්‍රීඩකයකු සංචාරයකට ගොස් දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇති බවත් අල්ලස් නොදුන් එක් වේග පන්දු යවන්නකු දිගින් දිගටම සුදු පන්දුවෙන් තරග වලට නොයෙදූ බවත් ඔවුන් පැවසුවා. 


    සමහරුන් ප්‍රමෝද්‍ය ඉල්ලූ මුදල් ඔහුට ලබා දෙන්නේ එන්සීසී ක්‍රීඩා සමාජයේදී බවත් කියූ මොවුන් සියලු තොරතුරු ඉදිරියේදී සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට කටයුතු යොදන බවත් පවසා සිටියා. 


    මේ එක් ක්‍රීඩකයකු මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී ඇති අයකු වන අතර ඔවුන් පවසන්නේ දස ලක්ෂ ගණනින් ප්‍රමෝද්‍ය මෙසේ අල්ලස් ඉල්ලන්නේ සෙසු සාමාජිකයන් වූ රොමේෂ් කලුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්නටද කොටසක් ලබා දිය යුතු බව පවසමින් බවයි.


    No comments