• Breaking News

    ක්‍රීඩකයන්ගේ විනය හදන්න බැරි ගූ ගොඩ - හලංගොඩ


    ක්‍රීඩාවේ ජයග්‍රහණ පසුපස තිබිය යුතුම දෙයක් තමයි විනය. විනයක් නැති තැන වන පිරිහීම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපේ ක්‍රිකට් වල පරිපාලනයෙත් විනය නැති නම් ක්‍රීඩක විනය ගැන කවර කතාද? ක්‍රීඩකයන්ගෙ විනය පිරිහීම කලක ඉඳන් අපේ කණ්ඩායම තුළ තිබෙන බව කාගෙත් පිළිගැනීමයි. ධනුෂ්ක ගුණතිලක සිද්ධිය මෑතක සිද්ධ වුණු හොඳම උදාහරණයක්. 


    පිටිය මැද හැසිරීම, මාධ්‍යයට කතා කිරීම නොදන්නා නායකයන් සිටියදී ඒ ගැන කියා දීමට අසමත් කළමනාකරුවන් දිගින් දිගටම පත් කරද්දී විනය හැදීමක් ගැන කවර කතාද යන්න ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි.


    අපේ ක්‍රීඩකයන්ගේ විනය දැක්වෙන තවත් අලුත්ම සිද්ධියක් පහුගියදා ඔවුන් බංග්ලාදේශ සංචාරයට නික්ම යාමට පෙර දක්නට ලැබුණා. ඕනෑම තරගාවලියකට ඕනෑම කණ්ඩායමක් යද්දී ඩ්‍රෙස් කෝඩ් එකක් හෙවත් නියමිත ඇඳුමක් නිසි පිළිවෙලට හැඳීම සිරිතක්. සම්ප්‍රදායක්. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරම් තරග අතරතුරෙත් ටී ෂර්ටය කලිසමට උඩින් දමා ගැනීමේ සිරිතක් වෙනත් රටවල ක්‍රීඩකයන්ගෙන් දකින්න ලැබෙන්නෙ නැහැ. 



    ඔවුන් බංග්ලාදේශයට යන්න පෙර ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත් සිදු කරන අවස්ථාවේ ක්‍රීඩකයන් කී දෙනෙක් තම ටී ෂර්ට් කලිසමට යට නොකර එළියේ දමාගෙන ඉන්න හැටි මෙහි පින්තූර වලින් දැක්වෙනවා. ක්‍රීඩකයන් විතරක් නොවෙයි අලුතින්ම කණ්ඩායමට එක්වූ පිතිකරණ පුහුණුකරු කණ්ඩම්බිත් ඉන්නෙ එහෙමයි. මේවා ඔවුන්ට කියා දිය යුත්තේ කණ්ඩායමේ කළමනාකරුයි.



    අපේ කණ්ඩායයමේ කළමනාකාරිත්වය දරණ මහින්ද හලංගොඩ හරි නම් ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියෙන් පසු තනතුරෙන් ඉවත් කළ යුතු වුවත් තවමත් ඒ තනතුරේ කටයුතු කරන්නේ ක්‍රීඩකයන්ගේ සුරතලකු වී සිටින නිසාත් ක්ලබ් එක SSC නිසාත්, ෂම්මිගේ අවශ්‍යතා සංචාර තුළ ඉටු කර දෙන නිසාත් බව ප්‍රසිද්ධ කරුණක්. මහේල ජයවර්ධනගේද පූර්ණ සහය ඔහුට ලැබෙන බවත් ප්‍රසිද්ධයි. ක්‍රීඩකයකුගේ ටී ෂර්ටය කලිසමට යට කරගන්න කියන්න බැරි කළමනාකරුවකු පොල් පිත්තකින් කපා ගත හැකි බව lankasportnews කියන්නේ වෙනත් කිසිම මාධ්‍යකින් මේ ගැන පෙන්වා නොදෙන නිසයි.

    No comments