• Breaking News

    අවසන් එක්දින තරගය පාවා දුන්නාද? සනත් මොනවද කළේ ?


    ශ්‍රී ලංකා ක්‍රිකට් වල සනත් ජයසූරියගේ භූමිකාව හරි හැටි ප්‍රකාශයට පත් කිරීම ෂම්මි ඇතුළු ක්‍රිකට් බලධාරීන්ගේ වගකීම විය යුතුයි. ලක්ෂ 65 ක මාසික වැටුපක් ලබමින් ක්‍රිකට් උපදේශක ලෙස මහේල ජයවර්ධන කටයුතු කරමින් සිටියදී හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති වරයාගේ නියෝගයෙන් ෂම්මි සිල්වා විසින් සනත් ජයසූරියවත් ක්‍රිකට් උපදේශකයකු ලෙස පත් කරනු ලැබුවා.


    ඒ රුපියල් ලක්ෂ 50 ක මාසික වැටුපක් සහිතවයි.


    තමන් තේරීම් කමිටු සභාපති ධූරය දැරූ කාලයේ තරග වලට පෙර,තණතීරුවේ තණ කොළ කෑම හැර අනිකුත් සියලු දේ කළ සනත් ජයසූරිය කණ්ඩායම තෝරා එය හොරෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ චෝදනාවට අයිසීසිය මගින් දෙවසරක ක්‍රිකට් තහනමකටද ලක් වුණා.


    ඉන් පසු හරින් ප්‍රනාන්දු ගේ මිතුරු කම හේතුවෙන් යළි ක්‍රිකට් ආයතනයට රිංගා ගත් සනත් මුලින්ම 19 න් පහළ කණ්ඩායම සමග යොවුන් ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකාවට ගිය නමුත් ආපසු ආවේ අට වැනි ස්ථානය රැගෙනයි .ගියේ ශූරතාව රැගෙන එන්නටයි.


    ඉන්පසු බංග්ලාදේශයට දෙවරක් ගිය නමුත් සිදු වූයේ විස්සයි විස්ස තරගාවලිය යන්තමින් දිනා එක්දින තරගාවලිය පරාජයට පත් වීමයි.


    අවසන් එක් දින තරගය පාවා දුන්නාද යන සැකයක් ඇති කළ අතර මෙම තරගයේ ලංකාව බැට් කරද්දී ඩග් අවුට් එකේ කැමරා වලට පෙනෙන්න සිටි සනත් පැරදීගෙන එද්දී අතුරුදන් වීමත් විශේෂ සිද්ධියක්.


    මෙම තරගයේ කාසියේ වාසිය දිනා වේග පන්දු යවන්නන්ට සුදුසු තණ තීරුවේ මුලින් පන්දුවට පහර දීමත් දිගින් දිගට අසාර්ථක අවිශ්ක ප්‍රනාන්දු එම තීරණාත්මක තරගයට යෙදවීමත් එවැනි තණකොළ සහිත තණතීරුවක වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණක් ක්‍රීඩා කිරීමත් මතබේදයට තුඩු දෙන අතර මේ සඳහා සනත් ජයසූරියගේ බලපෑම කුමක් වීද යන්නත් වහා සොයා බැලිය යුතු වෙනවා. මේ තරගය ගැන බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ කුමක් හෝ අමුතු දෙයක් සිදු වී ඇති බවයි.

    No comments