• Breaking News

    ක්‍රිකට් ගිලෙද්දී විධායක කමිටු මීයෝ පනින්න ගනී


    ගිලෙන නැවෙන් මීයෝ පන්නින්නාක් මෙන් ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ නිලධාරීන් එකිනෙකා ඉල්ලා අස්වෙන්නට පටන් ගෙන තිබෙනවා. 


    මෙහි ආරම්භය ගනු ලැබුවේ ලේකම් මොහාන් ද සිල්වායි.


    මේ වන විට තම වීසාව හදා ගැනීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටින මොහාන් ද සිල්වා එහි සිට තම ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (4) සභාපති ෂම්මි සිල්වා වෙත එවන්නට යෙදුනා.


    මොහාන් ගිය මග යමින් උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල හා උප භාණ්ඩාගාරික ලලිත් වික්‍රමසිංහ හෙට හෝ අනිද්දා තම අස්වීමේ ලිපි භාරදීමට සූදානමින් සිටින බව lankasportnews වෙත වාර්තා වෙනවා. ක්‍රීඩා ඇමතිවරයා මීට දින කිහිපයකට පෙර එලවා දැමීමට පෙර ඉල්ලා අස්වන ලෙස ක්‍රිකට් බලධාරීන්ට දන්වා සිටියා.


    No comments